Friday, 11 December 2020

Friend

හැමෝගෙම ජීවිත වල ඉන්නවාස

සහෝදරියක් උන යාලුවෙක්

හොඳම යාලුවෙක් වෙලා
සහෝදරියක් තරමටම ළංඋන කෙනෙක්
වෙලාවකට උබ මට අම්මෙක් වගේ
වැරදි පෙන්නලා විතරක් නෙවෙයි
හරි පාරටත් ඇදන් යන
කඩා වැටෙන හැම තැනකදිම
උබේ හිත හයියයි
උබට බැරි නෑ ඉවසපන්
මන් ඉන්නවනේ කියන්නෙ උබයි
මගේ ජීවිතේ උබ නොදන්න දෙයක් නෑ
උබේ හැමදේමත් එහෙමයි
දින සති මාස අවුරුදු ගණන් ගියත්
හම්බවෙන පළවෙනි විනාඩියේ ඉදන්
හැමදේම කියාගෙන යනවා ඉවරයක් නැතුවම
සමහර කාලවලදි අපි ඈත් වෙයි
උබෙ දුක බෙදාගන්න මගෙ දුක කියන්න
අපි ළඟ නැතිවෙයි
ඒත් බැඳීම නැතිවෙන්නේ නෑ
එක කෝල් එකක් දීලා කියපන්
කොහේ හිටියත් එයි හොයාගෙන
ඇත්තම යාලුකම් සහෝදරකම් එහෙමයි
වාසියට ළංවෙන බැඳීම් බොහෝමයක් අතරේ
එහෙම අවංක අය අඩුයි
උබත් මට හොඳම යාලුවා විතරක්ම නෙවෙයි
මගෙම සහෝදරියක් වගෙයි
අන්න ඒ නිසයි
මේ බැඳීම මට
ඇත්තටම ආශිර්වාදයක් !



Sunday, 10 May 2020

Boys Over Flowers 🌸💙

Boys Over Flowers 🌸💙

හැමෝම මේ දවස්වල කතා කරන නිසා මේ කොරියන් කතාව බලපු අය වෙනුවෙන් විශේෂයෙන්ම අකුරු කරන්න හිතුනා..

F4 නමින් වෙන්වුන හරි අපූරූ කොල්ලො 4 දෙනෙක්..
ගුජුම්පියෝ..සොන් වූබින්..සෝඊ ජන්..යුංජීහු..
මේ හතර දෙනා රජකරගෙන හිටපු එයාලගෙ අධිරාජ්‍යයයේ හදිසියේම පිපුණා එක රෝස මලක්..
ඇත්තටම කිව්වොත් එක දුප්පත් සුරංගනාවියක්..
කාවවත් ගනන් නොගත්ත..
වෙනම ලෝකයක හිටපු F4 ටීම් එකම කනපිට පෙරලපු ඒ පුංචි කෙල්ල..
ගුම් ජැන්දි 😍
Boys Over Flowers 🌸💙
මේ එයාලගේ කතාව..

ගුජුම්පියෝ..
සල්ලිකාර පවුලක දඩබ්බරකමට හැදුණ එක හිතුවක්කාරයෙක්..
ඒ හිත නැවතුනේ එක හිතක් ළඟ..
ගුජුම්පියෝ තරුවක්නම් එයාට එළිය දෙන ළඟින් හිටිය ඒ හඳ..Boys Over Flowers 🌸💙

හැමෝම මේ දවස්වල කතා කරන නිසා මේ කොරියන් කතාව බලපු අය වෙනුවෙන් විශේෂයෙන්ම අකුරු කරන්න හිතුනා..

F4 නමින් වෙන්වුන හරි අපූරූ කොල්ලො 4 දෙනෙක්..
ගුජුම්පියෝ..සොන් වූබින්..සෝඊ ජන්..යුංජීහු..
මේ හතර දෙනා රජකරගෙන හිටපු එයාලගෙ අධිරාජ්‍යයයේ හදිසියේම පිපුණා එක රෝස මලක්..
ඇත්තටම කිව්වොත් එක දුප්පත් සුරංගනාවියක්..
කාවවත් ගනන් නොගත්ත..
වෙනම ලෝකයක හිටපු F4 ටීම් එකම කනපිට පෙරලපු ඒ පුංචි කෙල්ල..
ගුම් ජැන්දි 😍
Boys Over Flowers 🌸💙
මේ එයාලගේ කතාව..

ගුජුම්පියෝ..
සල්ලිකාර පවුලක දඩබ්බරකමට හැදුණ එක හිතුවක්කාරයෙක්..
ඒ හිත නැවතුනේ එක හිතක් ළඟ..
ගුජුම්පියෝ තරුවක්නම් එයාට එළිය දෙන ළඟින් හිටිය ඒ හඳ..
ජැන්දියා..
බාධක ගොඩක් මැද්දෙන්..
ඒවගෙම ලස්සන පුංචි පුංචි රණ්ඩුවලින්..
ඒ ආදර කතාව ලස්සනට පටන් ගත්තා..

F4 ටීම් එකේම ජීවිත වෙනස් කරපු..
ගුම් ජැන්දි..
ජීහුට එක් නමක් දිය නොහැකි බැඳීමක්..
අනිත් දෙන්නට ආදරණීය නංඟියෙක් වුනා..
ගැලපෙන නොහැලපෙන ගොඩාක් දේවල් අතරේ..
යාලුකම..සහෝදරකම..හිතවත්කම..ආදරය..
හරි ලස්සනට මේ කතාව ඇතුළේ ගැලපුනා..
එයාලා හිටියේ ලෝක දෙකක නෙවෙයි..
එකම ලෝකෙක..

කොරියාවේ විතරක් නෙවෙයි..
අපේ රටෙත් අපි අතරෙත් ඇති..
නොගැලපීම් අස්සෙ මේ වගේ බැඳීම් හොයන අය..
ආරම්භයේ සිට අවසානය වෙනකම්ම ඒ බැඳීම් එකින් එක යාවෙමින්..
Boys Over Flowers 🌸💙
හරි ලස්සනට අපේ හදවත් හොරාගත්‍තා..
ඇත්තටම ඒක..
එක ලස්සන ආදර කතාවක්..
ලස්සන යාලුකම් ටිකක්..
ජීවිතය..ආදරය ගැන කියා දෙන එක පාඩමක්..
අන්න ඒ නිසයි ඒ කතාව බලපු හැමෝම මේ පස්දෙනාට මේ තරම්ම ආදරේ..💗


ජැන්දියා..
බාධක ගොඩක් මැද්දෙන්..
ඒවගෙම ලස්සන පුංචි පුංචි රණ්ඩුවලින්..
ඒ ආදර කතාව ලස්සනට පටන් ගත්තා..

F4 ටීම් එකේම ජීවිත වෙනස් කරපු..
ගුම් ජැන්දි..
ජීහුට එක් නමක් දිය නොහැකි බැඳීමක්..
අනිත් දෙන්නට ආදරණීය නංඟියෙක් වුනා..
ගැලපෙන නොහැලපෙන ගොඩාක් දේවල් අතරේ..
යාලුකම..සහෝදරකම..හිතවත්කම..ආදරය..
හරි ලස්සනට මේ කතාව ඇතුළේ ගැලපුනා..
එයාලා හිටියේ ලෝක දෙකක නෙවෙයි..
එකම ලෝකෙක..

කොරියාවේ විතරක් නෙවෙයි..
අපේ රටෙත් අපි අතරෙත් ඇති..
නොගැලපීම් අස්සෙ මේ වගේ බැඳීම් හොයන අය..
ආරම්භයේ සිට අවසානය වෙනකම්ම ඒ බැඳීම් එකින් එක යාවෙමින්..
Boys Over Flowers 🌸💙
හරි ලස්සනට අපේ හදවත් හොරාගත්‍තා..
ඇත්තටම ඒක..
එක ලස්සන ආදර කතාවක්..
ලස්සන යාලුකම් ටිකක්..
ජීවිතය..ආදරය ගැන කියා දෙන එක පාඩමක්..
අන්න ඒ නිසයි ඒ කතාව බලපු හැමෝම මේ පස්දෙනාට මේ තරම්ම ආදරේ..💗



Friday, 8 May 2020

💗 හොග්වාර්ට්ස් 💗


ඒක මායා පාසලක්..
හැරී පොටර් කියවලා නැති..
හැරී පොටර් බලලා නැති..
අය දන්නෙ නැතුව ඇති..
ඒ අරුම පුදුම පාසල ගැන..
අද අපි ස්කෝලේ නිවාඩු දෙනකම් බලන් ඉන්නෙ..
ගෙවල්වලට වෙලා ඉන්න..
ඒත් හැරී පොටර් කතා කියවද්දි බලද්දී..
හිතෙන්නෙ..
අනේ ඒ වගෙ ස්කොලෙක ඉන්න තිබ්බනම්..
අපිට නිවාඩු ඕනම නෑ කියලා..
පුංචි පුංචි මායාකර්ම ගොඩාක් පිරුණු..
හොග්වාර්ට්ස් කියන්නෙ..
මායා යෂ්ටි එක්ක මායා දැනුම..
කුවිඩිච් වගේ පීඩනය නැතුව හිත් බැඳගත් ක්‍රීඩාවන් එක්ක..
හොල්මන් අවතාර සාමාන්‍ය යාලුවො වුන..
මායාකාර පඩිපෙල් තියෙන හොස්ටල්..
අද්භූත රහස් සඟවාගත්..
මායාකාර පාසලක්..
හර්මයිනි රොන් වගේ..
කරදරේකදි අත් අරින්නෙ නැති යාලුවො..
ඇත්තටම ඉන්නෙ ඒ වගේ මායාලෝකවල විතරයි තමයි..
අද සමාජයෙ එහෙම යාලුවො නැතිම තරම්..
හිටියත් හම්බවෙන්නෙ හරිම කලාතුරකින්..
යථාර්ථයත් එක්ක බලද්දි මායාව උනත් රසවත් වෙන්නෙ අන්න ඒ හින්දයි..
ඒනිසාම වෙන්න ඇති..
හිතෙන්නෙ..
හොග්වාර්ට්ස්වල එකම එකපාරක් හරි ඉගෙන ගන්න තිබ්බනම් කියලා..

✍️ මගේ කවි හිත



Friday, 13 March 2020

💖..බෙන්තොට මහා අනුබුදු කාශ්‍යප දළදා පෙරහැර..💖

      බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරය වූ කලී දකුණු ලක පිහිටා ඇති පැරණිම රමණීය බෞද්ධ අනුබුදු යන විරුදාවලිය ලත් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මෙම රමණීය විහාරස්ථානය පිළිබඳව ඉතිහාස පොත්වල හා වංශ කථාවල මනාව පැහැදිලි කර ඇත.පූජාවලියේ සඳහන් කර ඇති ආකාරයට දළදා මැඳුරක වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේ දෙවන පැරකුම් මහ රජතුමා විසින් දැනට විහාරයේ පිහිටි පැරණි චෛත්‍ය රාජයාණන් තුළ තැන්පත් කර ඇත.
       වර්ෂ 1920 පෙබරවාරි 14 වෙනි දින එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ ඊ.ආර්.අයි.ඊටන් මහතා ප්‍රකාශ කළ ආකාරයට දුටුගැමුණු රජකළ අනුරාධපුරට ලැබී ඇති මෙම අනුබුදු දන්ත ධාතූන් වහන්සේ එහි වැඩසිටි එක්තරා රහතන් වහන්සේ නමක් විසින් මහරහතුන්ගේ නිජභූමියක් වූ බෙන්තොට ගලපාත රජමහා විහාරයට වැඩම කරවා ඇත.මෙම පුවත කන වැටුණු දුටුගැමුණු මහරජතුමා තමන්ගේ මලණුවන් වන සද්ධාතිස්ස කුමාරයා බෙන්තොටට එවා ගලපාත රජමහා විහාරය අංග සම්පූර්ණ සංඝාවාසයක් ලෙසට නිමවා ඇත.මේ බව මහාවංසයේද සඳහන්ය.පොළොන්නරු යුගයේදී පළවන විජයබාහු,කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල,පළවන පරාක්‍රමබාහු ආදී රජවරු විහාරස්ථානය වැඩිදියුණු කර කාශ්‍යප දන්ත ධාතූන් වහන්සේට ඉමහත් පූජෝපහාර දක්වා ඇත.
මීට අවුරුදු 240කට ඉහතදී දළදා වහන්සේ තැන්පත් කර ඇත්තා වූ පැරණි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේදී දන්ත ධාතූන් වහන්සේ එළියට වැඩමවා සතියක් යනතුරු මහජනතාවට ප්‍රදර්ශනය කර ඇති බව පූජාවලියේ සඳහන් වේ.

         දෙවන පැරකුම්බා මහරජතුමා විසින් බෙන්තර ගම වටකොට පහන් වැටක් සාදවා (අද පෙරහැර ගමන් කරන රජ මාවත) සුවඳින් පුදා දළදා වහන්සේට පූජෝපහාර දැක්වූ බවද පූජාවලියේ සඳහන් වේ.එතුමා ආරම්භ කළ මෙම දළදා පූජෝපහාරය රජ නියමයෙන් අඛණ්ඩව වාර්ෂිකව පවත්වා ඇත.එමෙන්ම කුරුණෑගල රජ කළ සිව්වන පරාක්‍රමබාහු ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේට මෙන්ම,කාශ්‍යප දන්ත ධාතූන් වහන්සේට ද පුද සිරිත් පැවැත්විය යුතුයැයි ව්‍යවස්ථාවක් පනවා ඇත.එමෙන්ම මතු රජවරුද මෙය ඉටු කළයුතු බවට නීතියක් පනවා ඇත.දෙවන පැරකුම් රජ දවස පටන් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම දළදා උත්සවය 1568 නොවැම්බර් 05 වන දින ගලපාත රජමහා විහාරයට එල්ල වූ පෘතුගීසි ප්‍රහාරයන් සමඟ නැවතී ගොස් ඇත.එහි තිබූ වටිනාකමක් ඇති සියලුම දේ පෘතුගීසින් විසින් සොරාගෙන ගොස් ඇති අතර විහාරයද විනාශ මුඛයට ඇද දමන ලද්දෝය.වාසනාවකට මෙන් චෛත්‍ය රාජයා තුළ නිදන් කර තිබූ දළදා වහන්සේ නිරුපද්‍රිතව සිට ඇත.
        ඉන්පසුව වසර හාරසියයකට පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීම මත එවකට විහාරාධිපති ධූරය දැරූ ඇලකාකේ පඤ්ඤාවාස හිමියන් විසින් 1976 වර්ෂයේ සිට දළදා වහන්සේට පූජාවන් පවත්වා අලි ඇතුන්,පහතරට,උඩරට නැටුම් ආදී විචිත්‍රාංග රාශියක් ඇතුළු පෙරහැර සෑම වසරකට දෙසැම්බර් මස පුන් පොහෝ දිනට ආසන්න දිනයක වීථී සංචාරය කරයි.
ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති බෙන්තර ශ්‍රී කාශ්‍යප දළදා පෙරහැර නැරඹීමට විදේශීය සංචාරකයින්ගේද සහභාගීත්වය ඉහළ අගයක් ගනී.අපගේ සංස්කෘතික නිර්මාණශීලිත්වය ජාත්‍යන්තරයට ගෙන යාමට මෙම පෙරහැර දායක වී ඇති බව සඳහන් කිරීම අගනේය.එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන්ද මෙය බලපෑම් සිදුකර ඇති බව මීට සහභාගි වන විශාල විදේශික ජනයාගෙන් පැහැදිලිය.
       

Wednesday, 4 September 2019

💖..බෙන්තොට රටයකුමක්..💖

බෙන්තොට රටයකුමක් 
(කෙටි කතාව) 
(සාම්ප්‍රදායික සන්නිවේදනය) 


                
    උස් ජනෙල් තීරුවෙන් රන්වන් හිරු රැස් කාමරය තුළට පිවිසියේ මට තවත් අවදි නොවී සිටීමට ඉඩ අහුරමිනි.ඇඳෙන් බැස මම පිටත පරිසරය වෙත නෙත් යොමන්නට වීමි.වෙනදා දකින උස් බිල්ඩින්,කාර්,බස් වෙනුවට අපූරූ වෙල් යායක් ඈතින් දිස්වන කිචි බිචි කුරුලු නාදයෙන් සංගීතවත් වන සොඳුරු දසුනක් මා ඉදිරිපිට විය.වෙල් යායේ අද අත්තම් දිනයක් බව ගෙදර අම්මා පෙරදින රාත්‍රීයේ පැවසූ බව මට මතකය.වෙල් යායේ පිරිස එකතු වී ඇත්තේ එනිසා විය යුතුය.ගෙදර අම්මා ලෙස අප හැඳින්වූයේ අම්මාගේ අම්මාය.අම්මාත් මමත් නංගීත් අම්මාගේ මහගෙදර පැමිණ දැන් සතියකට ආසන්නය.බෙන්තර නදිය පසුකර දකුණු ලංකාවේ ඈත පිටිසර ප්‍රදේශයක පිහිටි සූරියගම මහගෙදර පැමිණෙන්නට මා පුංචි දවස්වල සිට කැමතිය.සීයා අප්පච්චිගේත්,ගෙදර අම්මාගේත්,නැන්දාගේත් ආදරය මේ කාලය පුරාවටම හොඳින් දැනීම මගේ සිත් ගත් තවත් කරුණකි.මා සාලයට යන විට අඩනින්දෙන් අවදි වූ නැගණිය ද මා පසුපස ආවාය. 

           “මගේ පුංචි කෙල්ලො දෙන්නා නැගිට්ටද,මූණ හෝදාගෙන හනික එන්නකෝ එහෙනම් කෑම මේසයට,මං සීයා අප්පච්චිටයි,නැන්දටයි,දූලගේ අම්මටයි කතා කරන්නම්,හැමෝම එකට වාඩිවෙලා කෑම කමු,අද මම ලොකු දෝණි ආසම කෑමක් හැදුවා.දුව පිට්ටු කන්න ආසයිනේ?”මමත් නංගීත් මුහුණ සෝදාගෙන අවුත් කෑම මේසයට වාඩි වීමු.

           “අම්මේ අද බෙන්තර රිද්දියාගයක් තියෙනවා යමුද කට්ටිය එක්කම බලන්න” නැන්දා කෑම මේසය වෙත ආවේ අලුත් ආරංචියක් රැගෙනය.කෑම කා අහවර වන තෙක් මා ඉවසා සිටියේ රිද්දියාගය මොකක්දැයි අම්මාගෙන් අසන්නටයි.ආහාර ගැනීමෙන් පසු සාලයේ පත්තරයක් බලන්නට ගිය අම්මාගෙන් ඒ පිළිබඳව විමසුවෙමි. 
       
          “මටත් වඩා විස්තර රිද්දියාගය ගැන සීයා අප්පච්චි දන්නවා පුතේ.ඉස්තෝප්පුවේ බුලත් කොටන සද්දයක් ඇහෙනවා නේද?එන්න යමුකො අපි සීයා අප්පච්චිගෙන් අහමු.දැන් තමයි කතාවක් අහගන්න හොඳම වෙලාව”අම්මාද මමද නංඟීද ඉස්තෝප්පුව වෙත පිවිසියෝය. 
        
        “තාත්තේ අපේ දුවලා දෙන්නා අහනවා නැන්දා රිද්දියාගයක් බලන්න යමුයි කීවානෙ මොනවාදැයි ඒ කියන්නේ අහනවා”මමත් නංඟීත් සීයා ඉදිරිපිට ඉස්තෝප්පුවේම බිම වාඩි වී ඇහුම්කන් දෙන්නට විය.සීයා බුලත් විට හපා කෙල ටික පඩික්කමට දමා කතාව අරඹන්නට විය. 

         “මෙහෙමයි මගේ පුතේ අපේ රටේ ඉස්සර ඉඳන්ම එකම විදිහට පවත්වාගෙන ආව බොහෝ දේ තියෙනවා.ඒවා තමයි සම්ප්‍රදාය කියන්නේ. අන්න ඒ සම්ප්‍රදාය බොහෝ විට ගමත් එක්ක බැඳුණු දෙයක්.ගමේ තිබුණු මේ සම්ප්‍රදාය ඇතුළේ තිබුනා ශාන්තිකර්ම.ශාන්තිකර්ම කියන්නෙ සෙත් පැතීමක්.රිද්දියාගය පහතරට සම්ප්‍රදායේ යකුන් උදෙසා පවත්වනු ලබන එකම ශාන්තිකර්මයයි. ඒවගේම තමයි විවාහක දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් උදෙසා ද මෙය පවත්වනවා. මහමේරූ පර්වතය දෙපලු කරගෙන නැඟී එන රටයකුන් කාන්තාවන්ගේ දරු ගැබ විනාශ කරන බවට ජනවිශ්වාසයක් පවතිනවා.  
       
      "රන්ගිර මෙර මුදුනින් ගිනිගන්නේ 
       රන්කොත රන්පන්හිඳ ගිනිගත්තේ 
       වන් තද ගිනි රැස්වට එහි නිත්තේ 
       ඉන් මෙලොවට යක්සෙන් හටගත්තේ"                 
              "එතකොට සීයේ කොහොමද මේ යාගය ආරම්භ වෙලා තියෙන්නේ" 

             "ඒක පුතේ රජ කාලයට අයිති කතාවක්.මහමේරුව පලාගෙන හටගත් ගිනිපුපුරු හතකින් මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කාර, රිද්දි, කොණ්ඩමාල, රණකපාල යන බිසෝවරු සත් දෙනෙක් ඉපදුනා.මොවුන් වැඩිවියට පත් වුව ද දරුවන් නොලැබුණු නිසා දරු උපත් බලාපොරොත්තුවෙන් වේදනාවෙන් කාලය ගත කලා.දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කරගැනීමට කටයුතු කරා.ඊටපසු නානු ගා ස්නානය කොට සළු පිළි ආභරණ පැලැඳ දළු බුලත් අනුභව කොට නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍රදේශයට ගොඩ බැස්සා.එහිදී බිසෝවරු හේනක් කොටා කපු වපුරා අස්වනු ලබා සලුවක් වියා බුදුරදුන්ට පූජා කරා.එම අනුහසින් දරු ගැබ පහළ වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා" 

             “මේ විස්තර සේරම යාගයේදී රඟ දැක්වෙනවනද සීයේ?” 

            "ඔව් පුතේ මේ ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංගවලින් මේ සිද්ධි නිරූපණය කරනවා.සඳුදා,බදාදා දිනවල තමා මේ යාගය පවත්වන්නෙ නැත්තේ.සැන්දෑ යාමයට පටන් අරන් පසුදා පහන් වනතුරු යාගය පවත්වනවා" 

           “ඇයි සීයේ ඉතින් මේ යාගයට යකුන් කතාවක් සම්බන්ධ වෙලා තියෙන්නේ.කොහොමද යකුන් සම්බන්ධ වුණෙ? නංඟීගෙන් ඒ ප්‍රශ්නය ඉදිරිපත් විය. 

            “කලින් කියපු කතාවටම ඒ කතාව සම්බන්ධයි පුතේ.බිසෝවරු දරුගැබ පහළ වූ පසු ආභරණ ඇල්ලට දිය යාමට යනකොට රොඩියෙකු ස්පර්ශ වූ නිසා බිසෝවරු ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වෙලා තියෙනවා" 

           “මේ යාගයේ ලස්සන සැරසිලි එහෙමත් ඇති නේද සීයේ.අනේ මට හරි ආසයි ඒවා බලන්න” මම සිතෙහි හටගත් ආශාව එහෙමම වචනවලට පෙරළුවෙමි. 

          "ඔව් පුතේ නවමල්පාය කියලා ලස්සන මල්මඩුවක් වගේම කුමාර වීදිය,කුමාර පිදේනිය,කත්තිරික්ක හතරක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි සූනියම් වීදිය,කපාල කූඩුව,දැර හෑව,නව මාලේ මල්බලිය,කලු කුමාර බලිය,විවිධ රංග භාණ්ඩවලින් මේ යාගය සැරසිලා තියෙනවා"             

         "මේ යාගයෙන් පුදලබන යක්කු ගොඩක් ඉන්නවද සීයේ?" "නැතුව ඉතින්.කලු යකා, කලු කුමාර යකා, රට යක්කු, රොඩී යකා, තොට යකා,ඊරි යකා,මහා සෝනා,බිල්ලේ යකා,සොහොන් යකා,හූනියම් යකා,අභිමාන යකා වගේ ගොඩක් යක්කු ඉන්නවා.ඔන්න ඉතිම් මගෙ දුවලා යාගෙ බලන්න යන්න බය වෙනවා එහෙම නෙවෙයි" සීයා අප අස්වැස්සුවේ අප බියවෙතැයි සිතා විය යුතුය. 

           "මේ පළාතේ විතරද සීයේ මේ යාගය තියෙන්නෙ.අපේ ගෙවල් පැත්තෙ මේවා නෑනේ?" නංඟී ඇත්තටම දුක්මුසුව පැවසූවේ ඇයට අපේ හෙම්බත් වූ නාගරික ජීවිතය මතක් වන්නට ඇත.             
           "ගමයි නගරයයි පොඩ්ඩක් වෙනස්නෙ මගෙ පුතේ.මාතර සහ බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන තමයි මේ යාගය බොහොමයක් දුරට පැවැත්වෙන්නෙ.අපේ බෙන්තර පැත්තෙ උදවිය මේ යාගෙ රටයකුම කියලා හඳුන්වනවා.මාතර පැත්තෙ අය රිද්දියාගය කියලා කියනවා.මේ ප්‍රදේශ දෙකේම පූජා විධිවල විවිධ වෙනස්කම් තියෙනවා" 

          "ඇයි සීයේ මේ යාගයේදී කළු යකාට පූජා විධි පවත්වන්නෙ" ඒ පැනය මගෙනි. "කළු යකා විශේෂයෙන්ම කාන්තාවන් ලෙඩ කරන යක්ෂයෙක්.ඒ නිසාම රිද්දියාගයේදි කළු යකාට දොල පිදේනි වෙන් කිරීමක් සිද්ධ වෙනවා.මෙසේ දරු සම්පත් ලබන රිද්දි බිසව් කිරි අම්මාවරුන් කියලා හඳුන්වනවා." 

        "දැනේද කිරිඅම්මාවරු එනවා 
         දිනේ රුවට රන්කඳ දිලිසෙනවා 
         රන් රුවසේ රන් මාලේ දිලෙනවා 
         රනේ රුවසේ නැව් හතෙන් වඩිනවා"       

        අත්තම්මා තාලයට රිද්දියාගයේ කිරිඅම්මාවරු වඩින කවියක් තාලයට ගායනා කරමින් ඉස්තෝප්පුව වෙත ආවේ සීයා තම කතාව අහවර කරද්දිමය.නැන්දාත් අම්මාත් සාලයට පිවිසියෝය. 

            "හැමෝම එහෙනම් යමුද ගුණසිංහ පොඩි සීයලෑ දිහාවේ කුඹුරු වැඩට පොඩි උදව්වක් දීලා එන්ට?" අත්තමට ගෙන යාමට ඇඹුලද ඒ වනවිට සූදානමින් තිබිණ.අද අත්තම් දිනයක් බවත්,වෙල් යායේ ගොයම් කවි ගායනාව ඇසෙන බවත් මට සිහියට නැගුණේ එවිටය. 

             "හරි එහෙනම් දැන් අත්තමට ගොහින් එමු.සවස් යාමයට යමු රටයකුම බලන්ට" සීයා එසේ පවසමින් සාලයෙන් පිටව සූදානම් වී ඒමට ගෙතුළට ගියේ නංඟීගේත් මගේත් ඔලුව අතගාගෙනමය. 

              එදින මුළු දවසම ගත වූයේ සවස් යාමය උදාවන තුරු නොඉවසිල්ලෙනි.යාගයකට සහභාගී වීම මට අලුත් අත්දැකීමක් විය.පවුලේ සියල්ලෝම මෙසේ එකට එකතු වී සතුටින් විනෝදයෙන් සහයෝගයෙන් කල්ගත කිරීම මේ ගැමි ජීවන සම්ප්‍රදායේ මා ආශා කරන තවත් කරුණක් විය.මහගෙදර නෑගම් පැමිණි සෑම අවස්ථාකම මා නැවත නගරයට ගියේ අලුත්ම සාම්ප්‍රදායික කරුණක් ඉගෙනගෙනය.මෙවර උසස්පෙළ රචනා තරඟාවලියට "නිවාඩුවේ අත්දැකීම්" යන මැයෙන් රචනාවක් ඉදිරිපත් කරන්නටද මා සිත තුළ බලාපොරොත්තුවක් ඇති විය.නිවාඩුවේ ගත කළ සොඳුරුම අත්දැකීම තම පාසලේ මිතුරු මිතුරියන් සමඟ බෙදා හදා ගැනීමටද මා තුළ වූයේ නොඉවසිල්ලකි. 
                          
                                              K.S.C De silva                                                            HS/2016/0159 
                                              MACO Department 
                                              Special First Year

Wednesday, 24 July 2019

💖..සන්නිවේදන ක්‍රම..💖

සාම්ප්‍රදායික ක්‍රම (Traditional methods)

මිනිසුන් තම අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කරනු ලබයි. වර්ථමානයේ සේම මිනිසා මිනිස් ඉතිහාසය තුළ ද විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ඇත. අතීතයේ භාවිතා කළ පණිවිඩ හුවමාරු ක්‍රම ඇසුරින්,

- පුද්ගලයින් අතර හස්ත සංඥා මගින් අදහස් හුවමාරු කර ගැනීම (කොඩි සංඥා මගින්)
- කට කථා මගින්
- කඩදාසි භාවිතා කර තොරතුරු තැනින් තැනට ගෙනයාම (සාම්ප්‍රධායික තැපෑල)
- ඊ තල මගින් සංදේශ යැවීමෙන්
- කුරුල්ලන් මගින් සංදේශ යැවීමෙන්
- ගිණි ගොඩක් ගැසීමෙන්, දුම් ගොඩක් ගැසීමෙන්
- අණ බෙර ගැසීමෙන්
- ජන ගී ගැයීමෙන්
- පුවරු, සෙල් ලිපි හා සිතුවම් මගින්
- බෝතල් තුළ රඳවන ලද පණිවුඩ (Message in a bottle)
- Morse Codes




සාම්ප්‍රදායික දත්ත සන්නිවේදන ක්‍රම වල අවාසි

පණිවුඩය හරියාකාරවම අදාල පුද්ගලයා වෙත ලඟාවූයේ ද නැද්ද යන්න දැනගත නොහැකි වීම (ලිපි අස්ථාන ගත වීම වැනි ).අකාර්‍යක්ෂම වීම හෙවත් කාලය ගත වීම. එමන්ම ලැබුණු ලිපි සඳහා ද පිළිතුරු ලැබීමට ද විශාල කාලයක් ගත වීම.භූගෝලීය සීමා වලින් වැට කඩොලු බැඳ සීමා වී තිබීම. එනම් රටකින් රටකට ලිපි යැවීමේ දී සහ ලැබීමේ දෙ විවිධ නීති රීති සහ රෙගුලාසි වලට යටත් වීමට සිදු වීම සහ විවිධ ප්‍රවාහණ ක්‍රම භාවිතය නිසා ඇතිවිය හැකි අනාරක්ෂිත භාවය.පිළිතුරු ලැබෙන තෙක් දින ගණන් සති ගණන් බලා සිටීමට සිදුවීම.පණිවිඩය විකෘති වී හෝ වෙනස් වී අදාල පුද්ගලයාට ලැබීම (කට කතා)ලිපි වැනි දේ අති අත හෝ වාහන මගින් අදාල පුද්ගලයාට යැවීමේදී හානි සිදුවීම (වර්ෂාවෙන්, අව්වෙන්)


ඉලෙක්ට්‍රොනික සහ පරිගණක පාදක ක්‍රම (Electronic & Computer based methods)

රූපවාහිනිය / ගුවන් විදුලිය (Television / Radio)දුරකථනය (Telephone)පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා (Communication Satellites)පරිගණක ආශ්‍රිත දත්ත සන්නිවේදනය (Data communication through computer networks)සංගෘහිත සේවා අංකිත ජාලය (ISDN – Integrated Services Digital Network)අසමමිතික අංකිත දායක රැහැන (ADSL / DSL – Asymmetric Digital Subscriber Line )කේත බෙදුම් බහු ප්‍රවේශය (CDMA – Code Division Multiple Access)පොදු දත්ත මලු ගුවන් විදුලි සේවය (GPRS – General Packet Radio Service)ජංගම සන්නිවේදනය සඳහා වන ගෝලීය පද්ධතිය (GSM – Global System for Mobile Communication)



රූපවාහිනිය / ගුවන් විදුලිය (Television / Radio)

රූපවාහිනිය යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. ගුවන් විදුලිය මගින් හඬ පමණක් ශ්‍රවණය කළ හැක. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම කාලීන සිදුවීම් ක්ෂණිකයෙන් අප වෙත ලබා දීමට මෙම ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් මාධ්‍ය දෙකට හැකියාව ඇත. දත්ත සම්ප්‍රේෂණය සඳහා ගුවන් විදුලි තරංග (Radio waves) මාධ්‍ය ලෙස යොදා ගන්නා අතර වයි ෆයි (Wi-Fi) සහ බ්ලූටූත් (Bluetooth) ගුවන් විදුලි තරංග මත ක්‍රියා කරනු ලැබේ.



දුරකථනය (Telephone)

දුරකථනය යනු ශබ්දය විද්‍යුත් සංඥා ලෙස සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා උපකරණයකි. පුද්ගලයින් දෙදෙනකු හෝ කිහිපදෙනකු සමග කෙරෙන සංවාද වලදී යොදා ගනියි. බොහෝ දුරකථන ක්‍රියාත්මක වන්නේ වඩාත් සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. වර්ථමානයේ ස්ථාවර දුරකථන වලට වඩා ජංගම දුරකථන වලට මහජනතාවගේ වැඩි නැඹුරුවක් පවතී.



පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා (Communication Satellites)

චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය මගින් වර්ථමාන ලෝකයේ තොරතුරු සනිවේදන කටයුතු වඩාත් පහසු වී ඇත. ලෝකයේ විවිධ රටවල් හෝ රාජ්‍යයන් අතර දත්ත හා තොරතුරු හුවමාරු කිරීම සඳහා යොදා ගනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණයයි. පෘථිවිය වටා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත. සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන්නේ ක්ෂුද්‍ර තරංගයි (Micro Waves). ඉතා විශාල ධාරිතාවයකින් යුතු දත්ත සහ තොරතුරු වඩා දුරස්ථව පිහිටි ස්ථන වලට සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති අතරම වඩාත් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මේ සඳහා යොදා ගනී.

චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ දී ක්ෂුද්‍ර තරංග ආකාරයට දත්ත සම්ප්‍රේෂණය සිදු කරනු ලබන අතර ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණයේ දී දත්ත ගමන් කරනු ලබන්නේ එක් රේඛාවකටයි. එම නිසා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙක හා දර්ශනය විය යුතු වේ. මධ්‍යස්ථාන අතර දුර දත්ත සම්ප්‍රේෂණ සීග්‍රතාවය කෙරෙහි ද බලපායි. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය මගින් ඕනෑම දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකිවේ. අන්තර්ජාල සන්නිවේදනය සඳහා චන්ද්‍රිකා භාවිතා වේ. 

(ආශ්‍රිත ග්‍රන්ථ: අ.පො.ස (සා.පෙළ) තොරතුරු සන්නිවේදන තාක්ෂණය - 10 ශ්‍රේණිය)



Saturday, 20 July 2019

💖..පරිගණක ජාලකරණය..💖


අන්තර් සම්බන්ධතා සහිතව ක්‍රියාත්මක වෙන මිනිසුන් හෝ උපාංග සරල ලෙස ජාලයක් ලෙස ගන්න පුලුවන් . උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයන් සමූහයක් එකතුවෙලා ජාලයක් ගොඩනගා ගැනිම සලකමු . ඔවුන් එය කරනු ලබන්නේ තම තමන්ගේ කටයුතු පහසු කරගැනීමට වෙයි . එලෙස ගත් විට ජාලයක තියෙන මුලිකම දෙයක් වෙන්නෙ තොරතුරු හුවමරුව වෙයි . එය ජාලයක් තුල කරනු ලබන සන්නිවේදනය ලෙස හදුන්වනු ලැබේ .

මේ ආකාරයට සරල ලෙස ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක.

නමුත් පරිගනකය දෙස බලා නිර්වචනයක් ගෙන එන්නේ නම් එය මෙලෙසට ගෙන ආ හැකිය. “දෘඪාංග ,මෘදුකාංග සහ තොරතුරු  හුවමරු කරගනිමටත් , සන්නිවේදන කර්‍යයන්  ඉතාම කරයශමව සිදුකරගනිමටත් අරමුනු කරගෙන පරිගනක දෙකක් හෝ ඊට වැඩි ගනනක් එකිනෙක සම්බන්ද කර නිර්මානය කරගන්නා ඒකකයක් පරිගනක ජාලයක්ලෙසින් හැදින්වේ”.

#E - Magazine.. August Volume

 Click here to download the August Volume  https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk