Friday, 8 May 2020

💗 හොග්වාර්ට්ස් 💗


ඒක මායා පාසලක්..
හැරී පොටර් කියවලා නැති..
හැරී පොටර් බලලා නැති..
අය දන්නෙ නැතුව ඇති..
ඒ අරුම පුදුම පාසල ගැන..
අද අපි ස්කෝලේ නිවාඩු දෙනකම් බලන් ඉන්නෙ..
ගෙවල්වලට වෙලා ඉන්න..
ඒත් හැරී පොටර් කතා කියවද්දි බලද්දී..
හිතෙන්නෙ..
අනේ ඒ වගෙ ස්කොලෙක ඉන්න තිබ්බනම්..
අපිට නිවාඩු ඕනම නෑ කියලා..
පුංචි පුංචි මායාකර්ම ගොඩාක් පිරුණු..
හොග්වාර්ට්ස් කියන්නෙ..
මායා යෂ්ටි එක්ක මායා දැනුම..
කුවිඩිච් වගේ පීඩනය නැතුව හිත් බැඳගත් ක්‍රීඩාවන් එක්ක..
හොල්මන් අවතාර සාමාන්‍ය යාලුවො වුන..
මායාකාර පඩිපෙල් තියෙන හොස්ටල්..
අද්භූත රහස් සඟවාගත්..
මායාකාර පාසලක්..
හර්මයිනි රොන් වගේ..
කරදරේකදි අත් අරින්නෙ නැති යාලුවො..
ඇත්තටම ඉන්නෙ ඒ වගේ මායාලෝකවල විතරයි තමයි..
අද සමාජයෙ එහෙම යාලුවො නැතිම තරම්..
හිටියත් හම්බවෙන්නෙ හරිම කලාතුරකින්..
යථාර්ථයත් එක්ක බලද්දි මායාව උනත් රසවත් වෙන්නෙ අන්න ඒ හින්දයි..
ඒනිසාම වෙන්න ඇති..
හිතෙන්නෙ..
හොග්වාර්ට්ස්වල එකම එකපාරක් හරි ඉගෙන ගන්න තිබ්බනම් කියලා..

✍️ මගේ කවි හිත



3 comments:

idoraya said...

😍😍😍😍😍😍

Ruwantha sandaruwan said...

😍😍😊

idoraya said...

💗💗💗💗💗

#E - Magazine.. August Volume

 Click here to download the August Volume  https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk