Saturday, 13 February 2021

වැලන්ටයින් 💗 #valentine #lovequotes #couple

පෙබරවාරි 14..රැල්ලක් වෙලා දැන්..

බැඳපු මිනිස්සුනම් කියන්නේ අපිට දැන් මොන වැලන්ටයින් ද කියලා..
ආදරේ අහිමි උන අය හූල්ලනවා තිබ්බ වැලන්ටයින් දවස් මතක් කරලා..
ආදරයක් තාම මුණ නොගැහුණ අය දුක් වෙනවා..
අපට වැලන්ටයින් නෑනේ කියලා..
ආදරයක් තියෙන අය වෙහෙසෙනවා..
එදාට ආදරේ සතුටින් තියන්න..තෑගි දෙන්න ඕන කියලා..

සමහර මිනිස්සු අසරණ කරවන..
සමහර මිනිස්සු ආදරෙන් පුරවන..
දවසක්..
පෙබරවාරි 14..වැලන්ටයින්..

ඇත්තටම ආදරේ කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ..
මොනවද කියලා අපි නිකමටවත් හිතුවද..
අපි ආසයි තමයි..
වැලන්ටයින් එක දවසට..
එක එක තෑගි ලැබෙනවට..
ටෙඩි බෙයාර් කෙනෙක්..රෝස මල්..පුංචි මුද්දක්..
මේ වගේ එක එක තෑගි ලැබෙනවට..
හැබැයි අපි ඊටත් වඩා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා..
ඒක එදාට විතරක් නෙවෙයි..
මුළු ජීවිත කාලෙටම ඉල්ලන දෙයක්..
ඒ තමයි ඇත්තම ආදරේ...

වැලන්ටයින් දවසට..
හම්බවෙන්න ආවේ නැති උනොත්..
හැපි වැලන්ටයින් කියලා..
පෝස්ට් එකක් දාන්න බැරි උනත්..
වට්සැප් ස්ටේට්ස් දාන්න බැරි උනත්..
පොඩි හරි තෑග්ගක් ගේන්න බැරි උනත්..
එදාටත් රණ්ඩු වෙන අයත් මේ සමාජයේ ඕන තරම්..
තව සමහරු ඉන්නකම්ම රණ්ඩු කර කර මරාගෙන ඉදලා..
කවදාවත් මන් ඔයාට ආදරෙයි..
ඔයා මගේ කියලවත් ෆොටෝ එකක් නොදාපු අයත්..
එදාට විතරක් ලෝකෙට පේන්න දානවා..
හැපි වැලන්ටයින් කියලා..
ඒකද ආදරේ..
නෑ අපි හොයන්න ඕන ඊට වඩා වටින දෙයක්..

පන වගේ රකින රැකවරණයක්..
හිත සනසවන සෙනෙහසක්..
දුකක් නොදෙන බැඳීමක්..
හිත නොරිදන..දවසක හැබෑ වෙන..
හීන බලාපොරොත්තු ගොඩක්..
අන්තිමේදී..
බොරු නොකියන..
විශ්වාසය සුරැකුන..
අවංක ආදරයක්..
මේ තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන දේවල්..
ඒ තමයි අපේ ජීවිතේ ඇත්තම සතුට..
ඇත්තම ආදරේ..
ඇත්තම සැනසීම..

ඉතිම් මැනික..
පෙබරවාරි 14 වැලන්ටයින් කියලා
වෙනමම දවසක් මොකටද..
තුන්සිය හැටපස් දවසෙම එක වගේ
ආදරේ දුන්නම මදිද.. 💗



Saturday, 6 February 2021

යාලුවෝ..💗 #යාලුකම් #බැඳීම් #යාලුකම_නිසඳැස් 💗

අපි හැමෝටම ඉන්නවා යාලුවෝ.. 🌸

එක එක විදිහෙ යාලුවො..
ස්කෝලෙන් හම්බුන අය..
ගමේදි යාලුවෙච්ච අය..
ටියුෂන් වලදි එකතු උන අය..
ඊටත් පස්සෙ කැම්පස් එකේ ෆිට් උන අය..
ඔය එකී මෙකී විදිහේ යාලුවෝ අපි හැමෝටම ඉන්නවා..
අද මන් කතා කරන්නේ ඒ යාලුකම් ගැන..
අපි හැමෝටම තියෙන බහුතරයක් අත්දැකීම් ගැන..

සමහර යාලුවෝ ඉන්නවා..
ඇත්තටම ආදරෙන් අපට ළං උන අය..
සමහර දවසට සතුටක් සමරන්න ළඟ නැති වේවි..
උපන්දිනයකට එහෙම එන්න බැරි වේවි..
ඒත් දුකක් කරදරයක් කියලා ආරංචි උන ගමන්..
කොහේ හිටියත් දුවගෙන ඒවී..
ඒ වගෙ සමහර යාලුවෝ ඉන්නවා..
දුකෙන් ඉන්නකොට..
ඒ අයත් එක්ක වචනයක් කතා කරත් ඇති..
හිත නිවෙන්න..
අපිව තේරුම් ගන්න පුලුවන්..
අපි ළඟින් ඉන්න අපේ හිත හදන්න පුලුවන්..
ඒ වගේ අයට විතරයි..
කෙල්ලෙක්ට උනත්..කොල්ලෙක්ට උනත්..
මේවගේ අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේට ළං උන..
එක හොඳම යාලුවෙක් ඉන්නවමයි..

සමහර ලස්සන බැඳීම්..
අපට හම්බෙන තැනක් තමයි කැම්පස් එක..
අවුරුදු ගානක් හම්බ නොවුන විදිහේ මහ පුදුමාකාර යාලුවො ටිකක්..
එහෙදි මුණගැහෙනවා..
ලෙඩක් දුකක් උනාම බෙහෙත් අරන් දීලා කන්න දීලා බෙහෙත් පොවලා..
අම්මා තාත්තා තරම් අපිව පරිස්සම් කරන්නෙ උන්..
කොයි තරම් වැදගත් වැඩක හිටියත්..
අනේ බන් හදිසියක් කියපු ගමන්..
ඒ සේරම වැඩ අතෑරලා දුවගෙන එන්නෙ එහෙම උන්..
අඳුරගන්න දාහක් බැඳීම් අස්සෙ කැම්පස් එකෙන් අවුට් වෙද්දි..
එහෙම යාලුකම් ඉතුරු වේවි හරිම අතලොස්සක්..
අන්න උන් දවසක කොහේ හිටියත් එක පැයකට දෙකකට හරි උබලා බලන්න ඒවි..

මේ සේරම අතරේ ඉන්නවා තව කොටසක්..
උන් තමා හැබෑම දක්ෂයෝ..
උන්ගෙ රඟපෑම් සම්මානනීය නළු නිළියන්වත් පරාද කරනවා..
ඒ තරමට උන් හරි දක්ෂයි..
බොරුවට යාලුවො වගේ රඟපාන්න..
උන් ඉන්නෙ වාසියට..
සතුටකදි..වාසියකදි ළඟින් හෙල්ලෙන්නෙ නැතුව ඉන්නවා..
දුකක් කරදරයක් උනාම..
උන්ට තරම් හදිසි වැඩ ජනාධිපතිටවත් නෑ..
කොහොමහරි මගහරිනවා..
තව කට්ටියක් ඉන්නවා..
උන්ට කොහොමත් ලැජ්ජාවක් නෑ..
උන්නද මලාද කියලවත් හොයලා බලන්නේ නැති උන්..
උදව්වක් ඕන උනාම ඒකට විතරක් කතා කරනවා..

ඉතිම් මේ තමයි අපිට අපේ ජීවිතේදි හම්බෙන විවිධාකාර බැඳීම්..

අවංකවම යාලුවෙක් කියන්නෙ..
දුකෙන් ඉන්න වෙලාවක..
අසරණ උන වෙලාවක අපේ දුක තේරුම් අරන්
අපි ළඟින්ම ඉන්න උන්..
එහෙම යාලුවෝ රැකගනින්..
පුලුවන් හැමවෙලේම උන් වෙනුවෙනුත් කැපවෙයන්..
මොකද ඒ වගේ උන් හැමතැනම නෑ ලේසියෙන් මුණගැහෙන්නෙත් නෑ...! 💗




Friday, 11 December 2020

Friend

හැමෝගෙම ජීවිත වල ඉන්නවාස

සහෝදරියක් උන යාලුවෙක්

හොඳම යාලුවෙක් වෙලා
සහෝදරියක් තරමටම ළංඋන කෙනෙක්
වෙලාවකට උබ මට අම්මෙක් වගේ
වැරදි පෙන්නලා විතරක් නෙවෙයි
හරි පාරටත් ඇදන් යන
කඩා වැටෙන හැම තැනකදිම
උබේ හිත හයියයි
උබට බැරි නෑ ඉවසපන්
මන් ඉන්නවනේ කියන්නෙ උබයි
මගේ ජීවිතේ උබ නොදන්න දෙයක් නෑ
උබේ හැමදේමත් එහෙමයි
දින සති මාස අවුරුදු ගණන් ගියත්
හම්බවෙන පළවෙනි විනාඩියේ ඉදන්
හැමදේම කියාගෙන යනවා ඉවරයක් නැතුවම
සමහර කාලවලදි අපි ඈත් වෙයි
උබෙ දුක බෙදාගන්න මගෙ දුක කියන්න
අපි ළඟ නැතිවෙයි
ඒත් බැඳීම නැතිවෙන්නේ නෑ
එක කෝල් එකක් දීලා කියපන්
කොහේ හිටියත් එයි හොයාගෙන
ඇත්තම යාලුකම් සහෝදරකම් එහෙමයි
වාසියට ළංවෙන බැඳීම් බොහෝමයක් අතරේ
එහෙම අවංක අය අඩුයි
උබත් මට හොඳම යාලුවා විතරක්ම නෙවෙයි
මගෙම සහෝදරියක් වගෙයි
අන්න ඒ නිසයි
මේ බැඳීම මට
ඇත්තටම ආශිර්වාදයක් !



#E - Magazine.. August Volume

 Click here to download the August Volume  https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk