පෙබරවාරි 14..රැල්ලක් වෙලා දැන්..
බැඳපු මිනිස්සුනම් කියන්නේ අපිට දැන් මොන වැලන්ටයින් ද කියලා..ආදරේ අහිමි උන අය හූල්ලනවා තිබ්බ වැලන්ටයින් දවස් මතක් කරලා..
ආදරයක් තාම මුණ නොගැහුණ අය දුක් වෙනවා..
අපට වැලන්ටයින් නෑනේ කියලා..
ආදරයක් තියෙන අය වෙහෙසෙනවා..
එදාට ආදරේ සතුටින් තියන්න..තෑගි දෙන්න ඕන කියලා..
සමහර මිනිස්සු අසරණ කරවන..
සමහර මිනිස්සු ආදරෙන් පුරවන..
දවසක්..
පෙබරවාරි 14..වැලන්ටයින්..
ඇත්තටම ආදරේ කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ..
මොනවද කියලා අපි නිකමටවත් හිතුවද..
අපි ආසයි තමයි..
වැලන්ටයින් එක දවසට..
එක එක තෑගි ලැබෙනවට..
ටෙඩි බෙයාර් කෙනෙක්..රෝස මල්..පුංචි මුද්දක්..
මේ වගේ එක එක තෑගි ලැබෙනවට..
හැබැයි අපි ඊටත් වඩා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා..
ඒක එදාට විතරක් නෙවෙයි..
මුළු ජීවිත කාලෙටම ඉල්ලන දෙයක්..
ඒ තමයි ඇත්තම ආදරේ...
වැලන්ටයින් දවසට..
හම්බවෙන්න ආවේ නැති උනොත්..
හැපි වැලන්ටයින් කියලා..
පෝස්ට් එකක් දාන්න බැරි උනත්..
වට්සැප් ස්ටේට්ස් දාන්න බැරි උනත්..
පොඩි හරි තෑග්ගක් ගේන්න බැරි උනත්..
එදාටත් රණ්ඩු වෙන අයත් මේ සමාජයේ ඕන තරම්..
තව සමහරු ඉන්නකම්ම රණ්ඩු කර කර මරාගෙන ඉදලා..
කවදාවත් මන් ඔයාට ආදරෙයි..
ඔයා මගේ කියලවත් ෆොටෝ එකක් නොදාපු අයත්..
එදාට විතරක් ලෝකෙට පේන්න දානවා..
හැපි වැලන්ටයින් කියලා..
ඒකද ආදරේ..
නෑ අපි හොයන්න ඕන ඊට වඩා වටින දෙයක්..
පන වගේ රකින රැකවරණයක්..
හිත සනසවන සෙනෙහසක්..
දුකක් නොදෙන බැඳීමක්..
හිත නොරිදන..දවසක හැබෑ වෙන..
හීන බලාපොරොත්තු ගොඩක්..
අන්තිමේදී..
බොරු නොකියන..
විශ්වාසය සුරැකුන..
අවංක ආදරයක්..
මේ තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන දේවල්..
ඒ තමයි අපේ ජීවිතේ ඇත්තම සතුට..
ඇත්තම ආදරේ..
ඇත්තම සැනසීම..
ඉතිම් මැනික..
පෙබරවාරි 14 වැලන්ටයින් කියලා
වෙනමම දවසක් මොකටද..
තුන්සිය හැටපස් දවසෙම එක වගේ
ආදරේ දුන්නම මදිද.. 💗
No comments:
Post a Comment