අපි හැමෝටම ඉන්නවා යාලුවෝ.. 🌸
එක එක විදිහෙ යාලුවො..
ස්කෝලෙන් හම්බුන අය..
ගමේදි යාලුවෙච්ච අය..
ටියුෂන් වලදි එකතු උන අය..
ඊටත් පස්සෙ කැම්පස් එකේ ෆිට් උන අය..
ඔය එකී මෙකී විදිහේ යාලුවෝ අපි හැමෝටම ඉන්නවා..
අද මන් කතා කරන්නේ ඒ යාලුකම් ගැන..
අපි හැමෝටම තියෙන බහුතරයක් අත්දැකීම් ගැන..
සමහර යාලුවෝ ඉන්නවා..
ඇත්තටම ආදරෙන් අපට ළං උන අය..
සමහර දවසට සතුටක් සමරන්න ළඟ නැති වේවි..
උපන්දිනයකට එහෙම එන්න බැරි වේවි..
ඒත් දුකක් කරදරයක් කියලා ආරංචි උන ගමන්..
කොහේ හිටියත් දුවගෙන ඒවී..
ඒ වගෙ සමහර යාලුවෝ ඉන්නවා..
දුකෙන් ඉන්නකොට..
ඒ අයත් එක්ක වචනයක් කතා කරත් ඇති..
හිත නිවෙන්න..
අපිව තේරුම් ගන්න පුලුවන්..
අපි ළඟින් ඉන්න අපේ හිත හදන්න පුලුවන්..
ඒ වගේ අයට විතරයි..
කෙල්ලෙක්ට උනත්..කොල්ලෙක්ට උනත්..
මේවගේ අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේට ළං උන..
එක හොඳම යාලුවෙක් ඉන්නවමයි..
සමහර ලස්සන බැඳීම්..
අපට හම්බෙන තැනක් තමයි කැම්පස් එක..
අවුරුදු ගානක් හම්බ නොවුන විදිහේ මහ පුදුමාකාර යාලුවො ටිකක්..
එහෙදි මුණගැහෙනවා..
ලෙඩක් දුකක් උනාම බෙහෙත් අරන් දීලා කන්න දීලා බෙහෙත් පොවලා..
අම්මා තාත්තා තරම් අපිව පරිස්සම් කරන්නෙ උන්..
කොයි තරම් වැදගත් වැඩක හිටියත්..
අනේ බන් හදිසියක් කියපු ගමන්..
ඒ සේරම වැඩ අතෑරලා දුවගෙන එන්නෙ එහෙම උන්..
අඳුරගන්න දාහක් බැඳීම් අස්සෙ කැම්පස් එකෙන් අවුට් වෙද්දි..
එහෙම යාලුකම් ඉතුරු වේවි හරිම අතලොස්සක්..
අන්න උන් දවසක කොහේ හිටියත් එක පැයකට දෙකකට හරි උබලා බලන්න ඒවි..
මේ සේරම අතරේ ඉන්නවා තව කොටසක්..
උන් තමා හැබෑම දක්ෂයෝ..
උන්ගෙ රඟපෑම් සම්මානනීය නළු නිළියන්වත් පරාද කරනවා..
ඒ තරමට උන් හරි දක්ෂයි..
බොරුවට යාලුවො වගේ රඟපාන්න..
උන් ඉන්නෙ වාසියට..
සතුටකදි..වාසියකදි ළඟින් හෙල්ලෙන්නෙ නැතුව ඉන්නවා..
දුකක් කරදරයක් උනාම..
උන්ට තරම් හදිසි වැඩ ජනාධිපතිටවත් නෑ..
කොහොමහරි මගහරිනවා..
තව කට්ටියක් ඉන්නවා..
උන්ට කොහොමත් ලැජ්ජාවක් නෑ..
උන්නද මලාද කියලවත් හොයලා බලන්නේ නැති උන්..
උදව්වක් ඕන උනාම ඒකට විතරක් කතා කරනවා..
ඉතිම් මේ තමයි අපිට අපේ ජීවිතේදි හම්බෙන විවිධාකාර බැඳීම්..
අවංකවම යාලුවෙක් කියන්නෙ..
දුකෙන් ඉන්න වෙලාවක..
අසරණ උන වෙලාවක අපේ දුක තේරුම් අරන්
අපි ළඟින්ම ඉන්න උන්..
එහෙම යාලුවෝ රැකගනින්..
පුලුවන් හැමවෙලේම උන් වෙනුවෙනුත් කැපවෙයන්..
මොකද ඒ වගේ උන් හැමතැනම නෑ ලේසියෙන් මුණගැහෙන්නෙත් නෑ...! 💗
Saturday, 6 February 2021
යාලුවෝ..💗 #යාලුකම් #බැඳීම් #යාලුකම_නිසඳැස් 💗
Subscribe to:
Post Comments (Atom)
#E - Magazine.. August Volume
Click here to download the August Volume https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk
-
තල් වැටේ නිදාගත්තු දවස්.. තෙල් බැම්මෙ ඉඳගෙන.. යාලුකම් හිනාවෙච්ච දවස්.. මී අඹේ කියව කියව.. සහෝදරකම් විඳපු දවස්.. තරුව ළඟ තනිකමට.. ...
-
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ජිවිතයේ සමහර නිමේෂයන් වලදී.. මම සිතමි.. මා ජීවත් වන්නේ මන්ද.. මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි....
-
https://drive.google.com/file/d/1_LnIsVJMnbov2Jj-lQ8_JV6k0-6lO4GA/view?usp=sharing
2 comments:
යාලුකම් අතර සැබෑ යාලුකම් හඳුනා ගැනීමට නම් සමාන අත් තටු ඇත්තෝ එක අත්තේ පියාඹති මෙන්ම සමාන හදවත් ඇත්තෝද එක මනසින් ජීවත් වෙති..😘❤️😘❤️
සචී 💗😘
Post a Comment