ආදරණිය නොරිකෝ..
හිතින් ඇල්වූ අතින් නොඇල්වූ නිමේෂයන් රාශියක්..
නැවත නැවතත් සිහිකරමින්..
ලියමි..
කහපාට කිමොනාවකින් සැරසී කෝපිහලද..
පාට මල් නැතත් ආදරය සංකේතවත් කළ සකුරා මලද..
සිහිනයෙන් පවා මනසේ රැදුන රෝස කම්මුල් මත රැඳුණු..
සෙනෙහසද..
මට අමතක නැත..
ජීවිතය නිම කරන්නට ලොබ කළ..
මගේ කැබලී වී ගිය සිත නමැති කාන්තරයේ පිපුණු..
එකම එක පතොක් මල නුඹ පමණි..
අනියමේ පෙම් නොකළ මුත්..
සංස්කෘතික තහනම අපි අපෙන් වෙන් කළද.
ජිවිතය " යන්න එපා දෙවොන්දරා සං"
යැයි නුඹ කී තප්පර ගණන තුළ නැවති ඇත..
ආදරණීය නොරිකෝ..
අප සිනහසුන කබුකි ශාලා තුළද..
අප කතා කළ කොපි හල් තුළද..
අප අවිද ගිය සකුරා ඇතුරුම් තුළද..
මතකයන් රැඳී ඇත..
අප නොමැත..
අතින් අල්ලා නොගත් නමුත්..
සිතින් අල්ලා ගත් නිමේෂයන් සමග යැපෙමි..
අපට අනියමක් නොවූ සමාජයට අනියමක් වූ..
ප්‍රේමය සමඟ මියැදෙමි..
කයින් පමණක් හැරයමි..
සිතින් හැර නොයමි..
නුඹේම ආදරණීය..
දෙවොන්දරා❤
No comments:
Post a Comment