සාම්ප්‍රදායික ක්‍රම (Traditional methods)
මිනිසුන් තම අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කරනු ලබයි. වර්ථමානයේ සේම මිනිසා මිනිස් ඉතිහාසය තුළ ද විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ඇත. අතීතයේ භාවිතා කළ පණිවිඩ හුවමාරු ක්‍රම ඇසුරින්,
- පුද්ගලයින් අතර හස්ත සංඥා මගින් අදහස් හුවමාරු කර ගැනීම (කොඩි සංඥා මගින්)
- කට කථා මගින්
- කඩදාසි භාවිතා කර තොරතුරු තැනින් තැනට ගෙනයාම (සාම්ප්‍රධායික තැපෑල)
- ඊ තල මගින් සංදේශ යැවීමෙන්
- කුරුල්ලන් මගින් සංදේශ යැවීමෙන්
- ගිණි ගොඩක් ගැසීමෙන්, දුම් ගොඩක් ගැසීමෙන්
- අණ බෙර ගැසීමෙන්
- ජන ගී ගැයීමෙන්
- පුවරු, සෙල් ලිපි හා සිතුවම් මගින්
- බෝතල් තුළ රඳවන ලද පණිවුඩ (Message in a bottle)
- Morse Codes
සාම්ප්‍රදායික දත්ත සන්නිවේදන ක්‍රම වල අවාසි
පණිවුඩය හරියාකාරවම අදාල පුද්ගලයා වෙත ලඟාවූයේ ද නැද්ද යන්න දැනගත නොහැකි වීම (ලිපි අස්ථාන ගත වීම වැනි ).අකාර්යක්ෂම වීම හෙවත් කාලය ගත වීම. එමන්ම ලැබුණු ලිපි සඳහා ද පිළිතුරු ලැබීමට ද විශාල කාලයක් ගත වීම.භූගෝලීය සීමා වලින් වැට කඩොලු බැඳ සීමා වී තිබීම. එනම් රටකින් රටකට ලිපි යැවීමේ දී සහ ලැබීමේ දෙ විවිධ නීති රීති සහ රෙගුලාසි වලට යටත් වීමට සිදු වීම සහ විවිධ ප්‍රවාහණ ක්‍රම භාවිතය නිසා ඇතිවිය හැකි අනාරක්ෂිත භාවය.පිළිතුරු ලැබෙන තෙක් දින ගණන් සති ගණන් බලා සිටීමට සිදුවීම.පණිවිඩය විකෘති වී හෝ වෙනස් වී අදාල පුද්ගලයාට ලැබීම (කට කතා)ලිපි වැනි දේ අති අත හෝ වාහන මගින් අදාල පුද්ගලයාට යැවීමේදී හානි සිදුවීම (වර්ෂාවෙන්, අව්වෙන්)
ඉලෙක්ට්‍රොනික සහ පරිගණක පාදක ක්‍රම (Electronic & Computer based methods)
රූපවාහිනිය / ගුවන් විදුලිය (Television / Radio)දුරකථනය (Telephone)පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා (Communication Satellites)පරිගණක ආශ්රිත දත්ත සන්නිවේදනය (Data communication through computer networks)සංගෘහිත සේවා අංකිත ජාලය (ISDN – Integrated Services Digital Network)අසමමිතික අංකිත දායක රැහැන (ADSL / DSL – Asymmetric Digital Subscriber Line )කේත බෙදුම් බහු ප්‍රවේශය (CDMA – Code Division Multiple Access)පොදු දත්ත මලු ගුවන් විදුලි සේවය (GPRS – General Packet Radio Service)ජංගම සන්නිවේදනය සඳහා වන ගෝලීය පද්ධතිය (GSM – Global System for Mobile Communication)
රූපවාහිනිය / ගුවන් විදුලිය (Television / Radio)
රූපවාහිනිය යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. ගුවන් විදුලිය මගින් හඬ පමණක් ශ්‍රවණය කළ හැක. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම කාලීන සිදුවීම් ක්ෂණිකයෙන් අප වෙත ලබා දීමට මෙම ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් මාධ්‍ය දෙකට හැකියාව ඇත. දත්ත සම්ප්‍රේෂණය සඳහා ගුවන් විදුලි තරංග (Radio waves) මාධ්‍ය ලෙස යොදා ගන්නා අතර වයි ෆයි (Wi-Fi) සහ බ්ලූටූත් (Bluetooth) ගුවන් විදුලි තරංග මත ක්‍රියා කරනු ලැබේ.
දුරකථනය (Telephone)
දුරකථනය යනු ශබ්දය විද්‍යුත් සංඥා ලෙස සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා උපකරණයකි. පුද්ගලයින් දෙදෙනකු හෝ කිහිපදෙනකු සමග කෙරෙන සංවාද වලදී යොදා ගනියි. බොහෝ දුරකථන ක්‍රියාත්මක වන්නේ වඩාත් සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. වර්ථමානයේ ස්ථාවර දුරකථන වලට වඩා ජංගම දුරකථන වලට මහජනතාවගේ වැඩි නැඹුරුවක් පවතී.
පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා (Communication Satellites)
චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය මගින් වර්ථමාන ලෝකයේ තොරතුරු සනිවේදන කටයුතු වඩාත් පහසු වී ඇත. ලෝකයේ විවිධ රටවල් හෝ රාජ්‍යයන් අතර දත්ත හා තොරතුරු හුවමාරු කිරීම සඳහා යොදා ගනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණයයි. පෘථිවිය වටා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත. සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන්නේ ක්ෂුද්‍ර තරංගයි (Micro Waves). ඉතා විශාල ධාරිතාවයකින් යුතු දත්ත සහ තොරතුරු වඩා දුරස්ථව පිහිටි ස්ථන වලට සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති අතරම වඩාත් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මේ සඳහා යොදා ගනී.
චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ දී ක්ෂුද්‍ර තරංග ආකාරයට දත්ත සම්ප්‍රේෂණය සිදු කරනු ලබන අතර ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණයේ දී දත්ත ගමන් කරනු ලබන්නේ එක් රේඛාවකටයි. එම නිසා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙක හා දර්ශනය විය යුතු වේ. මධ්‍යස්ථාන අතර දුර දත්ත සම්ප්‍රේෂණ සීග්‍රතාවය කෙරෙහි ද බලපායි. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය මගින් ඕනෑම දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකිවේ. අන්තර්ජාල සන්නිවේදනය සඳහා චන්ද්‍රිකා භාවිතා වේ.
(ආශ්රිත ග්රන්ථ: අ.පො.ස (සා.පෙළ) තොරතුරු සන්නිවේදන තාක්ෂණය - 10 ශ්‍රේණිය)
Wednesday, 24 July 2019
Saturday, 20 July 2019
💖..පරිගණක ජාලකරණය..💖
අන්තර් සම්බන්ධතා සහිතව ක්‍රියාත්මක වෙන මිනිසුන් හෝ උපාංග සරල ලෙස ජාලයක් ලෙස ගන්න පුලුවන් . උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයන් සමූහයක් එකතුවෙලා ජාලයක් ගොඩනගා ගැනිම සලකමු . ඔවුන් එය කරනු ලබන්නේ තම තමන්ගේ කටයුතු පහසු කරගැනීමට වෙයි . එලෙස ගත් විට ජාලයක තියෙන මුලිකම දෙයක් වෙන්නෙ තොරතුරු හුවමරුව වෙයි . එය ජාලයක් තුල කරනු ලබන සන්නිවේදනය ලෙස හදුන්වනු ලැබේ .
මේ ආකාරයට සරල ලෙස ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක.
නමුත් පරිගනකය දෙස බලා නිර්වචනයක් ගෙන එන්නේ නම් එය මෙලෙසට ගෙන ආ හැකිය. “දෘඪාංග ,මෘදුකාංග සහ තොරතුරු හුවමරු කරගනිමටත් , සන්නිවේදන කර්යයන් ඉතාම කරයශමව සිදුකරගනිමටත් අරමුනු කරගෙන පරිගනක දෙකක් හෝ ඊට වැඩි ගනනක් එකිනෙක සම්බන්ද කර නිර්මානය කරගන්නා ඒකකයක් පරිගනක ජාලයක්ලෙසින් හැදින්වේ”.
Tuesday, 18 June 2019
💖..ආදරය..💖
ආදරයත් සුන්දරයි..
එයත් හැඟීමක්..
ජීවිතේම..
ලස්සන කරවන..
ජීවිතේම..
ජීවත් කරවන..
දාලා නොයන..
තාත්තෙක් වගේ බලාගන්න..
ගතිගුණවලින් ඉහළම..
කෙනෙක්ගේ..
ජීවිතයම වෙන්නත්..
කෙල්ලෙක්..
මහ ගොඩාක් පින් කරන්න ඕනි..
රූපය..සල්ලි..
ජීවිතය කර නොගත්..
ගතිගුණ..ආදරය..
ජීවිතයම කරගත්..
අපූර්ව බැඳීමක..
සංසාරගත ප්රාර්ථනාවද..
එවන් පින් කඳක..
පතිනිය වීමයි..
♥♥♥♥♥♥♥♥♥
එයත් හැඟීමක්..
ජීවිතේම..
ලස්සන කරවන..
ජීවිතේම..
ජීවත් කරවන..
දාලා නොයන..
තාත්තෙක් වගේ බලාගන්න..
ගතිගුණවලින් ඉහළම..
කෙනෙක්ගේ..
ජීවිතයම වෙන්නත්..
කෙල්ලෙක්..
මහ ගොඩාක් පින් කරන්න ඕනි..
රූපය..සල්ලි..
ජීවිතය කර නොගත්..
ගතිගුණ..ආදරය..
ජීවිතයම කරගත්..
අපූර්ව බැඳීමක..
සංසාරගත ප්රාර්ථනාවද..
එවන් පින් කඳක..
පතිනිය වීමයි..
♥♥♥♥♥♥♥♥♥
Sunday, 16 June 2019
💖..පිය සෙනෙහෙ අහිමි දුවෙකුගෙ කතාවක්..💖
තාත්තා කෙනෙක්ගෙ ආදරය..
දන්නෙම..
ඒ ආදරේ අහිමි උනු කෙනෙක්..
ඉපදුනු දවසෙ ඉඳන්ම..
දුවෙක්ගේ ලෝකයම වෙන්නෙ..
අප්පච්චි..
හුස්ම ගන්නෙ..
ජීවිතය ඉගෙන ගන්නෙ..
පරිස්සම් වෙන්නෙ..
තාත්තා නිසා..
දුවෙක්ගෙ පළමු පෙම්වතා තාත්තා..
කොයිතරම් උස්මහත් උනත්..
අදටත් දුවෙක් ආසයි..
තාත්තගෙ අතේ එල්ලිලා ගමනක් යන්න..
මේ හැමදෙයක්ම අතරේ..
ඉන්නවා තවත් කොටසක්..
තාත්තා කියන වචනෙවත් කියන්න..
තාත්තෙක් නැති උනු..
ඉපදුණු දවස් ඉඳන්ම..
තාත්තගෙ උකුලේ වාඩි නොවුණු..
ඒ රූපෙවත් මතක නැති..
පිරිසක්..
පියවරුන්ගෙ දිනය..
සමරන්න එයාලා දන්නෙම නැති තරම්..
ඒ කෙනෙක්ගෙන් අහන්න..
තාත්තා කෙනෙක් නැති වේදනාව..
ජීවිතේ වැඩියෙන්ම තනි වුණු..
අසරණ උනු අය..
ඒ ඉන්නෙ..
කවදාවත්..
තාත්තට වැරැද්දක් කරන්න එපා..
එයාගෙ සතුට වෙනුවෙන්..
ජීවිතයම උනත් කැප කරන්න..
පිය සෙනෙහස අහිමි උනු..
අයටත් කවදාවත් කියාගන්න බැරි උනු..
ඒ ලස්සනම ආදරණීයම වචනය..
"අප්පච්චි"
ලබන මතු භවයකදිවත්..
කියාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..
නුහුරුයි..
පියතුමනි ඔබට අමතන්නට..
දියණිය වෙලා..
නමුදු..
සැරිසරන්නම්..
භවයෙන් භවයට..
නොලැබුණු නුඹෙ..
සෙනෙහෙ සොයා..
♥♥♥♥♥♥♥♥
දන්නෙම..
ඒ ආදරේ අහිමි උනු කෙනෙක්..
ඉපදුනු දවසෙ ඉඳන්ම..
දුවෙක්ගේ ලෝකයම වෙන්නෙ..
අප්පච්චි..
හුස්ම ගන්නෙ..
ජීවිතය ඉගෙන ගන්නෙ..
පරිස්සම් වෙන්නෙ..
තාත්තා නිසා..
දුවෙක්ගෙ පළමු පෙම්වතා තාත්තා..
කොයිතරම් උස්මහත් උනත්..
අදටත් දුවෙක් ආසයි..
තාත්තගෙ අතේ එල්ලිලා ගමනක් යන්න..
මේ හැමදෙයක්ම අතරේ..
ඉන්නවා තවත් කොටසක්..
තාත්තා කියන වචනෙවත් කියන්න..
තාත්තෙක් නැති උනු..
ඉපදුණු දවස් ඉඳන්ම..
තාත්තගෙ උකුලේ වාඩි නොවුණු..
ඒ රූපෙවත් මතක නැති..
පිරිසක්..
පියවරුන්ගෙ දිනය..
සමරන්න එයාලා දන්නෙම නැති තරම්..
ඒ කෙනෙක්ගෙන් අහන්න..
තාත්තා කෙනෙක් නැති වේදනාව..
ජීවිතේ වැඩියෙන්ම තනි වුණු..
අසරණ උනු අය..
ඒ ඉන්නෙ..
කවදාවත්..
තාත්තට වැරැද්දක් කරන්න එපා..
එයාගෙ සතුට වෙනුවෙන්..
ජීවිතයම උනත් කැප කරන්න..
පිය සෙනෙහස අහිමි උනු..
අයටත් කවදාවත් කියාගන්න බැරි උනු..
ඒ ලස්සනම ආදරණීයම වචනය..
"අප්පච්චි"
ලබන මතු භවයකදිවත්..
කියාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..
නුහුරුයි..
පියතුමනි ඔබට අමතන්නට..
දියණිය වෙලා..
නමුදු..
සැරිසරන්නම්..
භවයෙන් භවයට..
නොලැබුණු නුඹෙ..
සෙනෙහෙ සොයා..
♥♥♥♥♥♥♥♥
Friday, 14 June 2019
💖..හැටක් උනාට තාම තරුණයි..💖
එකාමාරයි තාම ලපටියි..
නුබේ සෙනහස් සාගරය ළඟ..
අනේ අම්මේ මටත් කියන්න..
කෝම රකින්නේ දරුවෝ මෙච්චර..
හීන පුරවන් එන උන් නුබට..
දන්නවද කොයිතරම් ළැදියිද..
ඉතින් අම්මේ මටත් කියන්න..
කොහෙන් ඉතිරුවේ සෙනෙහේ ඔච්චර..
ඉතින් අම්මේ දන්නවද නුඹ..
හැටක් උනාට..
තාම තරුණයි නුඹ..
ළමයි ගානක මවක් වුනාට..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නුබේ සෙනහස් සාගරය ළඟ..
අනේ අම්මේ මටත් කියන්න..
කෝම රකින්නේ දරුවෝ මෙච්චර..
හීන පුරවන් එන උන් නුබට..
දන්නවද කොයිතරම් ළැදියිද..
ඉතින් අම්මේ මටත් කියන්න..
කොහෙන් ඉතිරුවේ සෙනෙහේ ඔච්චර..
ඉතින් අම්මේ දන්නවද නුඹ..
හැටක් උනාට..
තාම තරුණයි නුඹ..
ළමයි ගානක මවක් වුනාට..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thursday, 13 June 2019
💖..අම්මා නම් ඇය විය..💖
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ජිවිතයේ සමහර නිමේෂයන් වලදී..
මම සිතමි..
මා ජීවත් වන්නේ මන්ද..
මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි..... වලාකුලු වලින් වැසී ගිය නිල් අහස සේ පැහැදිලි ඇගේ ජිවිතය නිසංසලව ගෙවී යන දෙස බැලූ විට..
සැනෙකින් මගේ සිත දැඩි වෙයි..
ඇය..
මගේ අම්මා වූයේ පෙර පිනකට යැයි සිතුනු වාර ගණන ගැණිය නොහැකිය..
ජිවිතය...
ආදරය..
රැකවරණය..
මට සියල්ල ඇය පමණක්ම විය..
පැමිණි අභියෝග පැණිරස නොවූ බවනම් සැබෑවකි..
නමුත් ඇය අබියස මට ජීවත් වීමනම් කෙසේවත් අපහසු නොවීය..
ඇය මගේ අම්මා විය.. ජිවිතයේ සෑම සොඳුරු මොහොතක්ම දඩයම් කල..
මුවින් නැගූ සෑම සිනහ පොදකම..
සින්නක්කර අයිතිකාරිය ඇයම විය...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ජිවිතයේ සමහර නිමේෂයන් වලදී..
මම සිතමි..
මා ජීවත් වන්නේ මන්ද..
මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි..... වලාකුලු වලින් වැසී ගිය නිල් අහස සේ පැහැදිලි ඇගේ ජිවිතය නිසංසලව ගෙවී යන දෙස බැලූ විට..
සැනෙකින් මගේ සිත දැඩි වෙයි..
ඇය..
මගේ අම්මා වූයේ පෙර පිනකට යැයි සිතුනු වාර ගණන ගැණිය නොහැකිය..
ජිවිතය...
ආදරය..
රැකවරණය..
මට සියල්ල ඇය පමණක්ම විය..
පැමිණි අභියෝග පැණිරස නොවූ බවනම් සැබෑවකි..
නමුත් ඇය අබියස මට ජීවත් වීමනම් කෙසේවත් අපහසු නොවීය..
ඇය මගේ අම්මා විය.. ජිවිතයේ සෑම සොඳුරු මොහොතක්ම දඩයම් කල..
මුවින් නැගූ සෑම සිනහ පොදකම..
සින්නක්කර අයිතිකාරිය ඇයම විය...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Wednesday, 12 June 2019
💖..අනාගතයේ නිමේෂයක්..💖
තල් වැටේ නිදාගත්තු දවස්..
තෙල් බැම්මෙ ඉඳගෙන..
යාලුකම් හිනාවෙච්ච දවස්..
මී අඹේ කියව කියව..
සහෝදරකම් විඳපු දවස්..
තරුව ළඟ තනිකමට..
හෝරාවක්..
නැවතුණු දවස්..
රට වටෙන් ආපු උන්..
එකම මව් තුරුලක..
හරි ඉක්මනට..
එකතු උනු දවස්..
ජිම් එකේ තේ බිබී..
අපි අපි ගැන..
ඉගෙනගත්තු දවස්..
ඉක්මනින් ගෙවිලා යන..
මේ තමයි ජීවිතේ..
ලස්සනම දවස්..
අන්තිමට ඒවී..
මතක විතරක් පුරවගෙන..
කැළණි කන්ද දිහා..
බලන්න වෙන දවස්..
එක ඇසිල්ලකින්..
නෙත් කඳුළු පුරවගෙන..
දුක්බරම දවස්..
උපාධිය විතරක්ම ඉතුරු වුණු...
♥
තෙල් බැම්මෙ ඉඳගෙන..
යාලුකම් හිනාවෙච්ච දවස්..
මී අඹේ කියව කියව..
සහෝදරකම් විඳපු දවස්..
තරුව ළඟ තනිකමට..
හෝරාවක්..
නැවතුණු දවස්..
රට වටෙන් ආපු උන්..
එකම මව් තුරුලක..
හරි ඉක්මනට..
එකතු උනු දවස්..
ජිම් එකේ තේ බිබී..
අපි අපි ගැන..
ඉගෙනගත්තු දවස්..
ඉක්මනින් ගෙවිලා යන..
මේ තමයි ජීවිතේ..
ලස්සනම දවස්..
අන්තිමට ඒවී..
මතක විතරක් පුරවගෙන..
කැළණි කන්ද දිහා..
බලන්න වෙන දවස්..
එක ඇසිල්ලකින්..
නෙත් කඳුළු පුරවගෙන..
දුක්බරම දවස්..
උපාධිය විතරක්ම ඉතුරු වුණු...
♥
Wednesday, 3 April 2019
💖 Riverstone 💖
(තැපැල් කේත: 2765) යනු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි උප නගරාශ්රිතය. [2] ගෝල්ඩන්ස්ටෝන්, සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයෙන් කිලෝමීටර් 48 ක් (සැතපුම් 30) ක් පමණ පිහිටා තිබේ. ග්‍රේටර් වෙස්ට් සිඩ්නි කලාපයේ කොටසකි. වර්ෂ 1803 දී රජයේ කොටස් තොගයක් ලෙස නැවත පදිංචි වී ඇති අතර ඕස්ට්‍රේලියාවේ පැරණිතම නගර අතරින් එකක් වන්නේ ගංගාවයි.2011 සංගණන වාර්තාවට අනුව, ගංගා නිම්නයේ ජනගහනය 6,191 කි. [3]අන්තර්ගතය1 ඉතිහාසය1.1 උරුමපත් ලැයිස්තු2 සංවර්ධනය7 සැලකිය යුතු නිවැසියන්පාසල් 3 ක්4 පල්ලිජාතික ජාතික ජාලය (NBN)5 ප්රවාහනඕස්ට්රේලියාවේ ජනාවාස සහ ජනපදකරණයට පෙර, ඩෝගුගු ගෝත්‍රිකයන් ලෙස ගංගාව ලෙස හැඳින්වූ ප්‍රදේශය ජනාවාස විය. පළමුවැනි ෆ්ලොට් රථය පැමිණීමෙන් පසුව මෙම රෝගීන් බොහොමයක් මියගියේය. ඉතිරි කොටස රජයේ ගොවිපළවල් සහ ජනාවාස මාලාවක් බොහෝ දුරට ස්ථානගත කරන ලදී.8 ආශ්රිත 9 බාහිර සම්බන්ධතාඉතිහාසය
Subscribe to:
Posts (Atom)
#E - Magazine.. August Volume
Click here to download the August Volume https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk
-
තල් වැටේ නිදාගත්තු දවස්.. තෙල් බැම්මෙ ඉඳගෙන.. යාලුකම් හිනාවෙච්ච දවස්.. මී අඹේ කියව කියව.. සහෝදරකම් විඳපු දවස්.. තරුව ළඟ තනිකමට.. ...
-
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ජිවිතයේ සමහර නිමේෂයන් වලදී.. මම සිතමි.. මා ජීවත් වන්නේ මන්ද.. මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි....
-
https://drive.google.com/file/d/1_LnIsVJMnbov2Jj-lQ8_JV6k0-6lO4GA/view?usp=sharing