Tuesday, 18 June 2019

💖..ආදරය..💖

ආදරයත් සුන්දරයි..
එයත් හැඟීමක්.. 
ජීවිතේම.. 
ලස්සන කරවන.. 
ජීවිතේම.. 
ජීවත් කරවන.. 
දාලා නොයන.. 
තාත්තෙක් වගේ බලාගන්න.. 
ගතිගුණවලින් ඉහළම.. 
කෙනෙක්ගේ.. 
ජීවිතයම වෙන්නත්.. 
කෙල්ලෙක්.. 
මහ ගොඩාක් පින් කරන්න ඕනි.. 
රූපය..සල්ලි.. 
ජීවිතය කර නොගත්.. 
ගතිගුණ..ආදරය.. 
ජීවිතයම කරගත්.. 
අපූර්ව බැඳීමක.. 
සංසාරගත ප්‍රාර්ථනාවද.. 
එවන් පින් කඳක.. 
පතිනිය වීමයි.. 

 ♥♥♥♥♥♥♥♥♥


Sunday, 16 June 2019

💖..පිය සෙනෙහෙ අහිමි දුවෙකුගෙ කතාවක්..💖

තාත්තා කෙනෙක්ගෙ ආදරය.. 
දන්නෙම.. 
ඒ ආදරේ අහිමි උනු කෙනෙක්..
ඉපදුනු දවසෙ ඉඳන්ම.. 
දුවෙක්ගේ ලෝකයම වෙන්නෙ.. 
අප්පච්චි.. 
හුස්ම ගන්නෙ.. 
ජීවිතය ඉගෙන ගන්නෙ.. 
පරිස්සම් වෙන්නෙ.. 
තාත්තා නිසා.. 
දුවෙක්ගෙ පළමු පෙම්වතා තාත්තා.. 
කොයිතරම් උස්මහත් උනත්..
අදටත් දුවෙක් ආසයි..
තාත්තගෙ අතේ එල්ලිලා ගමනක් යන්න..
මේ හැමදෙයක්ම අතරේ.. 
ඉන්නවා තවත් කොටසක්.. 
තාත්තා කියන වචනෙවත් කියන්න..
තාත්තෙක් නැති උනු.. 
ඉපදුණු දවස් ඉඳන්ම..
තාත්තගෙ උකුලේ වාඩි නොවුණු.. 
ඒ රූපෙවත් මතක නැති.. 
පිරිසක්.. 
පියවරුන්ගෙ දිනය.. 
සමරන්න එයාලා දන්නෙම නැති තරම්.. 
ඒ කෙනෙක්ගෙන් අහන්න.. 
තාත්තා කෙනෙක් නැති වේදනාව.. 
ජීවිතේ වැඩියෙන්ම තනි වුණු.. 
අසරණ උනු අය.. 
ඒ ඉන්නෙ.. 
කවදාවත්..
තාත්තට වැරැද්දක් කරන්න එපා..
එයාගෙ සතුට වෙනුවෙන්..
ජීවිතයම උනත් කැප කරන්න.. 
පිය සෙනෙහස අහිමි උනු..
අයටත් කවදාවත් කියාගන්න බැරි උනු..
ඒ ලස්සනම ආදරණීයම වචනය.. 
"අප්පච්චි" 
ලබන මතු භවයකදිවත්.. 
කියාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.. 

නුහුරුයි..
පියතුමනි ඔබට අමතන්නට..
දියණිය වෙලා..
නමුදු..
සැරිසරන්නම්..
භවයෙන් භවයට..
නොලැබුණු නුඹෙ.. 
සෙනෙහෙ සොයා.. 

♥♥♥♥♥♥♥♥

Friday, 14 June 2019

💖..හැටක් උනාට තාම තරුණයි..💖

එකාමාරයි තාම ලපටියි..
නුබේ සෙනහස් සාගරය ළඟ..
අනේ අම්මේ මටත් කියන්න..
කෝම රකින්නේ දරුවෝ මෙච්චර..
හීන පුරවන් එන උන් නුබට..
දන්නවද කොයිතරම් ළැදියිද..
ඉතින් අම්මේ මටත් කියන්න..
කොහෙන් ඉතිරුවේ සෙනෙහේ ඔච්චර..

ඉතින් අම්මේ දන්නවද නුඹ..
හැටක් උනාට..
තාම තරුණයි නුඹ..
ළමයි ගානක මවක් වුනාට..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️



Thursday, 13 June 2019

💖..අම්මා නම් ඇය විය..💖

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

ජිවිතයේ සමහර නිමේෂයන් වලදී.. 
මම සිතමි..
මා ජීවත් වන්නේ මන්ද.. 
මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි..... වලාකුලු වලින් වැසී ගිය නිල් අහස සේ පැහැදිලි ඇගේ ජිවිතය නිසංසලව ගෙවී යන දෙස බැලූ විට.. 
සැනෙකින් මගේ සිත දැඩි වෙයි.. 
ඇය.. 
මගේ අම්මා වූයේ පෙර පිනකට යැයි සිතුනු වාර ගණන ගැණිය නොහැකිය..
ජිවිතය... 
ආදරය.. 
රැකවරණය.. 
මට සියල්ල ඇය පමණක්ම විය.. 

පැමිණි අභියෝග පැණිරස නොවූ බවනම් සැබෑවකි..

නමුත් ඇය අබියස මට ජීවත් වීමනම් කෙසේවත් අපහසු නොවීය.. 

ඇය මගේ අම්මා විය.. ජිවිතයේ සෑම සොඳුරු මොහොතක්ම දඩයම් කල..

මුවින් නැගූ සෑම සිනහ පොදකම..
සින්නක්කර අයිතිකාරිය ඇයම විය... 

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚


Wednesday, 12 June 2019

💖..අනාගතයේ නිමේෂයක්..💖

තල් වැටේ නිදාගත්තු දවස්.. 
තෙල් බැම්මෙ ඉඳගෙන.. 
යාලුකම් හිනාවෙච්ච දවස්..
මී අඹේ කියව කියව.. 
සහෝදරකම් විඳපු දවස්.. 
තරුව ළඟ තනිකමට.. 
හෝරාවක්..
නැවතුණු දවස්.. 

රට වටෙන් ආපු උන්.. 
එකම මව් තුරුලක.. 
හරි ඉක්මනට.. 
එකතු උනු දවස්.. 
ජිම් එකේ තේ බිබී.. 
අපි අපි ගැන.. 
ඉගෙනගත්තු දවස්.. 
ඉක්මනින් ගෙවිලා යන.. 
මේ තමයි ජීවිතේ.. 
ලස්සනම දවස්.. 

අන්තිමට ඒවී.. 
මතක විතරක් පුරවගෙන.. 
කැළණි කන්ද දිහා.. 
බලන්න වෙන දවස්.. 
එක ඇසිල්ලකින්.. 
නෙත් කඳුළු පුරවගෙන.. 
දුක්බරම දවස්..  

උපාධිය විතරක්ම ඉතුරු වුණු...




Wednesday, 3 April 2019

💖 Riverstone 💖

(තැපැල් කේත: 2765) යනු ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ සිඩ්නි උප නගරාශ්රිතය. [2] ගෝල්ඩන්ස්ටෝන්, සිඩ්නි මධ්යම ව්යාපාරික දිස්ත්රික්කයෙන් කිලෝමීටර් 48 ක් (සැතපුම් 30) ක් පමණ පිහිටා තිබේ. ග්රේටර් වෙස්ට් සිඩ්නි කලාපයේ කොටසකි. වර්ෂ 1803 දී රජයේ කොටස් තොගයක් ලෙස නැවත පදිංචි වී ඇති අතර ඕස්ට්රේලියාවේ පැරණිතම නගර අතරින් එකක් වන්නේ ගංගාවයි.
2011 සංගණන වාර්තාවට අනුව, ගංගා නිම්නයේ ජනගහනය 6,191 කි. [3]
අන්තර්ගතය
1 ඉතිහාසය
1.1 උරුමපත් ලැයිස්තු
2 සංවර්ධනය
7 සැලකිය යුතු නිවැසියන්
පාසල් 3 ක්
4 පල්ලි
ජාතික ජාතික ජාලය (NBN)
5 ප්රවාහන
ඕස්ට්රේලියාවේ ජනාවාස සහ ජනපදකරණයට පෙර, ඩෝගුගු ගෝත්රිකයන් ලෙස ගංගාව ලෙස හැඳින්වූ ප්රදේශය ජනාවාස විය. පළමුවැනි ෆ්ලොට් රථය පැමිණීමෙන් පසුව මෙම රෝගීන් බොහොමයක් මියගියේය. ඉතිරි කොටස රජයේ ගොවිපළවල් සහ ජනාවාස මාලාවක් බොහෝ දුරට ස්ථානගත කරන ලදී.
8 ආශ්රිත
9 බාහිර සම්බන්ධතා
ඉතිහාසය

#E - Magazine.. August Volume

 Click here to download the August Volume  https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk